කොවිඩ් ආසාදනයට ලක්වූ සේවකයන් 08 දෙනෙකුට වාර්තා වීමත් සමගම කැස්බෑව නගර සභාවේ මහජන සේවාවන් අද (05) දිනයේ සිට තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබේ.
කොවිඩ් ආසාධිත සේවකයින් වාර්තා වීමත් සමගම එම නගර සභාවේ මන්ත්‍රීවරුන්, කාර්යමණ්ඩලය සහ සේවකයින් 159 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.
කෙසේ වෙතත් පවතින තත්වය මත වැඩ කටයුතු තාවකාලිකව නවතා දැමුවත් වරිපනම් සහ බදු ගෙවීම් අන්තර්ජාලය ඔස්සේ සිදුකළ හැකි බවයි කැස්බෑව නගර සභාවේ සභාපති ලක්ෂ්මන් පෙරේරා මහතා සඳහන් කර සිටින්නේ.