ආරක්ෂක අමාත්‍යාංශයෙන් “අපරාධ මඬින රැල්ලක්”

පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධ කර දිවයින පුරා සතියක විශේෂ “අපරාධ මඬින රැල්ලක්” ක්‍රියාත්මක කීරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම සහ කප්පම්කරුවන් මර්දනය කිරීම මෙහි අරමුණ බව විෂය භාර ඇමැති රියර් අද්මිරාල් ආචාර්ය සරත් විරසේකර මහතා මේ බව පැවසීය. ඒ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම මෙහෙයුම බුද්ධි අංශයන්ගේ පූර්ණ දායකත්වය සහ ජනතා සහයෝගයද සහිතව කිරීමට නියමිත අතර, පොලිස් හදිසි දුරකථන අංක 118 සහ 119 ඔස්සේ තොරතුරු දීමට හැකියාව පවතින බවත් සාමාන්‍ය ජනතාවට බියක් සැකයක් නොමැතිව ජන ජීවිතය ගෙන යෑමට පහසුකම් සැලසීම මේ මෙහෙයුමේ අරමුණ බවත් ඇමැතිවරයා මෙහිදී පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *