කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා මේ වනවිට ලොවපුරා ලබාදෙන එන්නත් හදිසි ප්‍රතිකාර ක්‍රමයක් මිස එය රෝගය මර්දනයට ලබාදෙන ස්ථිර ප්‍රතිකාරයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඒ අනුව හදිසි ප්‍රතිකාර සඳහා භාවිත කරන එන්නත් බෙදාහැරිය හැක්කේ රාජ්‍ය මට්ටමින් බවත් එම එන්නත් වාණිජ මට්ටමින් අලෙවි කිරීමට අවසර දිය නොහැකි බවත් එම සංවිධානය නිවේදනය කරයි.
එම සංවිධානය වැඩිදුරටත් නිවේදනය කර සිටින්නේ කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසු එම වෛරසය නැවත වැළඳීමක් සිදුනොවේ යැයි යන වැරදි ආකල්පයක් ඇතිකර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. මෙම රෝගය සඳහා ස්ථිර ප්‍රතිකාර එන්නතක් ඉදිරි වසර දෙක ඇතුළත නිපදවීමට බලාපොරොත්තු වන බවත් එවිට එම එන්නත පෞද්ගලික අංශයද එක්කරගෙන වාණිජ මට්ටමින් අලෙවි කිරීමට කටයුතු කරන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.