කොවිඩ් ආසාධිතයින් ගණන 2511 තෙක් ඉහළට

ඊයේ (11) දිනයේ කොවිඩ් ආසාදිතයින් 57 දෙනෙකු වාර්තා වීමත් සමගම මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 2511 ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඊයේ දිනයේ පළමුව හඳුනා ගැණුනේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි සිව් දෙනෙකු සහ කුවේට්හි සිට පැමිණි එක් අයෙකුයි. ඉන් අනතුරුව කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පස්දෙනෙකු හදුනාගත් අතර ඔවුන් රාජාංගනය, හබරාදූව, වැලිකන්ද සහ ලංකාපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස රාජාංගනය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් රෝගීන් සිව්දෙනෙකු හඳුනාගැණුනා. එමෙන්ම අවසන් වරට ඊයේ දිනයේ කොවිඩ් -19 රෝගීන් 43 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 13 දෙනෙකු කන්දකාඩු මධ්‍යස්ථානයේ පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අනෙක් 30 දෙනා කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවටද වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *