කොවිඩ් -19 ආසාසනය වූ දරුවන්ට ඒ හා සම්බන්ධ දරුණු රෝගයක් වැළඳෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පවසනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී සති 2 – 6ක් පමණ කාලයක් ගතවන විට මෙම Multi System Inflammatory Syndrome නැමති නව රෝගී තත්ත්වය දරුවන් තුළ හට ගන්නා බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළා. එම රෝගී තත්ත්වයට දරුවන් නොදැනුවත්ව ම ගොඳුරු වී සිටිම එහි ඇති බරපතළ තත්ත්වය වන බවත් මේ වන විට එම රෝගී තත්ත්වයට පත්වු වයස අවුරුදු 8 ත් 15ත් අතර වු දරුවන් 6 දෙනෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වෛද්‍ය නලින් කිතුල්වත්ත සඳහන් කළා. උණ, දැඩි ඇඟේ වේදනාව, වමනය, බඩේ අමාරුව, පාචනය, ඇස් රතු වීම, ඇඟේ දද වැනි ස්වභාවයක් හට ගැනීම එම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන බවත් එහි භයානක තත්ත්වය වන්නේ හෘද වස්තුවට බලපෑම් කර රුධිර පීඩනය අඩුවීමෙන් දරුවා මියයෑම බව ද විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත වැඩිදුරටත් ප්‍රකාශ කළා.
2021-06-20