කොවිඩ් ආසාදිතව සිට ප්‍රතිකාර ලබා නිවසට පැමිණි බණ්ඩාරවෙළ පුද්ගලයෙකු අයෙක් මියයයි

බණ්ඩාරවෙල, කහත්තේවෙල, සමගි මාවත ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබු පුද්ගලයෙක් සිය නිවසේ දීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි එම ප්‍රදේශයේ හිටපු ග්‍රාම නිලධාරීවරයෙකි.

එම පුද්ගලයා බදුල්ල මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට  නිවස ට පැමිණ ඇති අතර, දින තුනකට පසුව ඊයේ (17) උදෑසන එලෙස මියගොස් ඇතැයි වාර්තා වේ.

මේ අතර, බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් නව ආසාදිතයින් 59 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබේ.

ඉන් 37 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මඟින් වීම විශේෂත්වයකි.

මින් වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින් සහ අවුරුදු 02ට අඩු දරුවන් රෝහල් ගතකර සෙසු පිරිස නිවෙස් තුළ රඳවා ප්‍රතිකාර කිරීමට බණ්ඩාරවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබේ.

මේ අතර, වවුනියාව සිවිල් ආරක්ෂක බළකා කලාප කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් 47 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

හලාවත මුන්නේෂ්වරම්හි ඓතිහාසික ඊෂ්වර දේවාලයේ ගිනිපෑගීමේ මංගල්‍යය ඊයේ සිදුවූ අතර සමූහ ඒකරාශිවීම්වලින් වළකින්නැයි රජය දැනුම් දී තිබියදීත් එම චාරිත්‍ර සිදුකෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *