ඊයේ (26) මධ්‍යම රාත්‍රීයේ සිට කොළඹ 09, වේලුවනාරාම පාර ප්‍රදේශය හුදකලා කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අදාළ ප්‍රදේශය ආශ්‍රිතව කොවිඩ් -19 ආසාදිතයින් බහුලව වාර්තාවීම හේතුවෙන්.
මේ අතර පාදුක්ක, ගලගෙදර නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමටද ඊයේ (26) දිනයේ සිට සංචරණ සීමා පැනවීමට පියවර ගනු ලැබුවා. ඒ පාදුක්ක, අරුක්වත්ත ප්‍රදේශයෙන් කොවිඩ් -19 ආසාදිත මරණයක් වාර්තාවීමත් සමගයි.
මෙලෙස මිය ගිය පුද්ගලයා පාදුක්ක, අරුක්වත්ත නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිව සිටි ඇති අතර, අවිස්සාවේල්ල රෝහලේදී සිදුකළ PCR පරීක්ෂණයේදී එම පුද්ගලයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතිබවට තහවුරු වුණා.