බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක සේවකයින් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස පසුගියදා හඳුනාගෙන තිබුණි.
ඒ අනුව මේ වනවිට එම ළමා නිවාසයේ දරුවන් හා තවත් සේවකයින් කිහිප දෙනෙකුට සැකසහිත රෝග ලක්ෂණ මතුවී තිබේ.
මේ හේතුවෙන් එහි අවුරුදු 5ට අඩු දරුවන් 35 දෙනා සහ සේවකයින් 20 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකිරීමට බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගත්තේය.
මේ අතර, ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 2,271දෙනාත් සමග මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 498,694 ක් දක්වා ඉහළ ගොස් ඇත.
කෙසේවෙතත් ඉන් 428,590 දෙනෙකු සුවය ලබා තිබේ.
තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 58,287කි.
මේ අතර, මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 11,817 දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනය තුළ ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ස්පුට්නික් වී, ෆයිසර් හා මොඩර්නා යන එන්නත්වල පළමු හා දෙවන මාත්‍රා 94,556 ක් ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශ වාර්තා කළේය.
මේ අතර, රත්නපුර ශික්ෂණ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකක 03ක් සඳහා පළමුවරට නල මගින් ඔක්සිජන් සැපයීමේ ඒකකයක් ස්ථාපිත කර තිබේ.
ඒ,රත්නපුර ලෙල්ලුපිටිය ප්‍රදේශයේ දානපතියෙකුගේ රුපියල් මිලියන 3 ක ධන පරිත්‍යාගයෙනි.
මීට පෙර හදිසි රෝගීන් සඳහා ඔක්සිජන් සැපයීම රෝහලේ සිදුකර තිබුණේ ඔක්සිජන් සිලින්ඩර වෙන වෙනම ඇඳන් අසල සවිකිරීමේ ක්රමයටය.