මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය සමාජගත වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර සිටියි. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ පවතින තත්වය මත රටම එකවර හුදෙකලා නොකර වෛරසය මර්දනය කළ නොහැකි බවයි.
මේ වන විට සෑම ප්රදේශයකින්ම ආසාදිතයන් වාර්තා වන බැවින්, ගම්, නගර හෝ යම් ප්‍රදේශ වශයෙන් හුදකලා කර රෝගය පාලනය කළ නොහැකි බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.