කොරෝනා ආසාදිතයෙක් තංගල්ල නගරය පුරා සැරිසරයි, තංගල්ලට පැමිණීමෙන් වලකින්න

ආරක්ෂක අංශ සාමාජිකයෙකු තංගල්ල, පට්ටියපොල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට නිවාඩු ගොස් නැවත කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේ සිදු කළ පරීක්ෂා කිරිම් වලදි කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව තංගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර ප්‍රකාශ කර සිටී.

පසුගිය ජුලි 05 වෙනිදා කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූ පුද්ගලයින් පුනුරුත්ථාපන කිරිමේ මධ්‍යස්ථානයෙන් නිවාඩු ලබා බස් රථයකින් කොළඹට පැමිණ ඇති අතර අනතුරුව අධිවේගී මාර්ගය ඔස්සේ බස් රථයකින් මාතරට පැමිණ තිබේ. එතැනින් කතරගම බලා යන බස් රථයකින් තංගල්ල, පට්ටිපොළ ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණ තිබේ.

ජුලි 06 සහ 07 යන දින දෙක තුළ සිය නිවසේම කල් ගත කොට ඇති මෙම ආරක්ෂක අංශ සාමාජිකයා අසල්වැසි නිවාස කිහිපයක පුද්ගලයින් ඇසුරු කර ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියා.

අනතුරුව මෙම ආරක්ෂක අංශ සාමාජිකයා පසුගිය ජුලි 08 වෙනිදා තංගල්ල ධිවර වරායට පැමිණ ඇති අතර 09 වෙනිදා එහි පිහිටි රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රය මගින් මුදල් ලබා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වේ. පසුව තංගල්ල නගරයේම සුපිරි වෙළදසැලකින් නිවසට අවශ්‍ය භාණ්ඩ මිලට ගෙන ඇති අතර නගරයේ වෙළදසැල් කිහිපයකටම සහ රාජ්‍ය ඔසු සැලටද ගොස් ඇත. පසුව මෙම ආරක්ෂක අංශ සාමාජිකයා තංගල්ල බස් නැවතුම්පොළේ උඩු මහලට ඇතුල්වන ස්ථානයේ පිහිටි සැලුනයකින් කොණ්ඩය ද කපා තිබෙන බවට හෙළිවී තිබෙනවා. පසුව යලි නිවසට පැමිණි ඔහු එදින සවසම හමුදාවේ මිතුරන් කිහිපදෙනෙකු සමග යතුරු පැදි වලින් කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයට ගොස් ඇත. එලෙස ජුලි 09 වෙනිදා යලි මධ්‍යස්ථානයට යාමෙන් පසු සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වී තිබේ.

මෙම ආරක්ෂක අංශ සාමාජිකයා තංගල්ල නගරයේ ස්ථාන රැසක සංචරණය කොට ඇති බැවින් ජනතාව අත්‍යාවශ්‍ය කරුණකට හැර නගරයට ඒමෙන් වැලකි සිටීම යහපත් කරුණක් බව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කර සිටී.

එමෙන්ම මෙම ආරක්ෂක අංශ සාමාජිකයා කොණ්ඩය කැපීම සඳහා ගිය තංගල්ල බස් නැවතුම්පළේ උඩු මහලට ඇතුල්වන ස්ථානයේ පිහිටි සැලුනයෙන් සේවාවන් සපයා ගත් පුද්ගලයින් සිටී නම් ඔවුන් තංගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට දුරකථන අංක 047-2240278 ඔස්සේ අමතන ලෙස වෛද්‍ය ජගත් ගජධීර දැනුම් දී සිටිනවා.

මෙම ආරක්ෂක අංශ සාමාජිකයා ඇසුරු කිරිම හේතුවෙන් නිවාස 09ක ජිවත් වන පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක් කිරිමටත් ඔහුගේ පවුලේ සාමාජිකයින් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙතට රැගෙන යාමටත් කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *