කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට දින දෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ලබන 6,7 සහ 8 තෙදින විවාදයට ගැනීමට  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

පාර්ලිමේන්තුව එළඹෙන සතියේ 5 වැනි අගහරුවාදා සිට 8 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත අතර එම සෑම දිනකම පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *