සී.අයි.ඩී අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ලබන 15 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාළිගාකන්ද අධිකරණයෙන් නියෝගය නිකුත් කෙරුණි.
ඉතාම හදිසි කටයුත්තක් වශයෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ නියොගයකට අනුව ඔහු ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
බාල ප්‍රතිදේහක ඖෂධ බෙදා හැරීවමෙන් රජයට කෝටි ගණනක අලාභයක් කිරීම එරෙහිව ඔහු චෝදනා ලබා ඇත.