කෘෂි පේපරය පිට කළ තිදෙනාට ඇප

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ  කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට විභාග ශාලාධිපතිනිය, කෘෂි ගුරුවරයා සහ කාර්යාල කාර්ය සාහායකය රුපියල් ලක්ෂ පහබැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කළොය

මෙසේ ඇප මත මුදා හැරියේ දිනේෂා විරන්තනී, දමින්ද ලක්මාල් සහ සුමුදු චින්තක යන සිවු දෙනාය.

ඇප කරුවන්ගෙන් එක් අයකු ළඟම ඥාතියකු විය යුතු බවත් එය දිවුරුම් ප්‍රකාශයක් මගින් සනාථ කළ යුතු බවද දැනුම් දුන්නේය.  සැකකරුවන්ට විදෙස් ගමන් තහනම් කළ අතර විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන්නැයි ද නියෝග කෙරිණි.  සැකකරුවන්ට සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි යුතු බවත් සාක්කි කරුවන්ට බලපෑම් කළහොත් අප අවලංගු කරන බව ද සැකකරුවන්ට දැනුම් දුන්නාය.  නඩුව යළි කැඳවීම මැයි 8 වැනිදින ට කල් තැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *