පසුගිය මාර්තු 19 වනදා පොලිසිය විසින්, කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා හදිසි අසනීප තත්ත්වයකින් මිය ගොස් ඇති බව වාර්තා වේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ අත්අඩංගුවට ගත් එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වාරියපොළ බන්ධනාගාරයේ බන්ධනාගාර ගත කළ බවය.
මිය ගිය සැක කරුගේ දේහය වාරියපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර අධිකරණ නියෝග ලැබීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.