කැලණි පාලමේ ඉදිකිරීම් – කොළඹට ඇතුළුවන වාහනවලට දැනුම්දීමක්

කැලණි පාලමේ ඉදිකිරීම් ව්‍යාප්තියක් හේතුවෙන් ඒ ඔස්සේ කොළඹට ඇතුළුවීමේ මාර්ගය තාවකාලිකව වසාදමා තිබේ.

අද අලුයම 05.00 සිට සඳුදා අලුයම 05.00 දක්වා බේස්ලයින් මාර්ගයේ කැලණිතිස්ස වටරවුමේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා වූ කොළඹට ඇතුළුවීමේ මාර්ගය මෙලෙස වසාදමන බව පොලීසිය සඳහන් කළේය.

මාර්ගය වසා තැබෙන කාලය තුළදී කොළඹට පැමිණෙන වාහන කැළණිතිස්ස වටරවුම හරහා ඉඟුරුකඩේ හන්දියට පිවිස සිරිමාවෝ බණ්ඩාරණායක මාවත, ආමර් බාබර් හන්දියෙන් මහ විද්‍යාල මාවත ඔස්සේ පිටකොටුවටත් ආමර් වීදීය, පංචිකාවත්ත වටරවුම, මරදාන හරහා පිටකොටුවට සහ බොරැල්ලටත් ගමන් කළ හැකි බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම ප්‍රදීපා මාවත, සද්ධර්ම මාවතින් නැවත බේස්ලයින් මාවතට පිවිස දෙමටගොඩ දෙසට ගමන් කළ හැකිය.

කෙසේවෙතත් කොළඹින් පිටවන වාහන සඳහා ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට කැළණිතිස්ස වටරවුම දක්වා වූ මාර්ගය ගමනා ගමනයට විවෘතව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *