කැරලි මර්දන කණ්ඩායම් ජාතික රෝහලට

කොළඹ ජාතික රෝහලේ මේ වනවිට දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවා තිබිණි.

රෝහල් සේවකයින් විශාල පිරිසක් රෝහල් භූමියට රැස්ව කලහකාරීව හැසිරෙන බව අප වාර්තාකරු පැවසීය.

අද (16) දහවල් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාව සුළු කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් බලහත්කාරයෙන් ඔහුගේ කාර්යාලයේ රඳවාගෙන කලහකාරී ලෙස හැසිරුණු බවට තොරතුරු අනාවරණය වුණි.

මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ කලහකාරී තත්ත්වයක් නිර්මාණය වූ අතර එය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවා තිබිණි.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් පසුගිය 13 වනදා සිට දින දෙකක කාලයක් වැඩවර්ජනයක නිරත වූයේ, වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින්ය.

එම අවස්ථාවේ දී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සුළු සේවකයින්ට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළේය.

එම තත්ත්වය හේතුකොට ගෙන වෛද්‍යවරයාව සුළු සේවකයින් විසින් සිය කාර්යාල භූමිය තුළම බලහත්කාරයෙන් රඳවාගෙන සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *