කාලගුණ උපදේශනය දිස්ත්‍රික්ක 13ක් සඳහා රතු නිවේදනයක් නිකුත් කරයි.

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් දිස්ත්‍රික්ක 13කට තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පවතින වැසි තත්ත්වය හෙට (14) පස්වරු 01.00 න් අවසන් වන ඉදිරි පැය 24 තුළ ද පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මෙම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *