Wednesday, 11 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කාදිනල් හිමි සියලු පක්ෂවල නියෝජනයක් සහිත නව කමිටුවක් ඉල්ලයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදුකළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා එක් පක්ෂයක සාමාජිකයින්ගෙන් යුත් කමිටුවක් පත් කරනවා වෙනුවට සියලු පක්ෂවල නියෝජනයක් සිදුවන පරිදි නව කමිටුවක් පත් කරන ලෙස අගරදගුරු” අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ  පාස්කු ඉරුදින ප්‍රහාරයේ සත්‍ය සොයා පෙළගැසෙමු යන මැයෙන් අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

“එක දේශපාලන පක්ෂයක සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශවලට උඩින් පත්කිරීම අපි කිසිසේත් පිළිගන්නේ නෑ. මේ සිදුවේගෙන යන ක්‍රියාදාමය තුළින් සත්‍ය එළියට එයි කියලා අපිට කිසිසේත් විශ්වාස කරන්නට බෑ. නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ කමිටුවක් පත්කරන්න අවශ්‍ය නම් සියලුම පක්ෂවල අය සම්බන්ධ වෙන කමිටුවක් වියයුතුයි.”

ඔබේ අදහස