Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කාණ්ඩ 3 ක් යටතේ දරුවන්ගේ එන්නත් කිරීම් කටයුතු කරයිද

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කාණ්ඩ 3 ක් යටතේ දරුවන්ගේ එන්නත් කිරීම් කටයුතු ආරම්භ කිරීමට හැකියාව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

මෙම එන්නත්කරණ කටයුතු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ සිදුකරන බව ඔහු සඳහන් කළේය.

විශේෂඥ කමිටු වාර්තා පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මේ බව සඳහන් කළේය.

“දරුවන්ට එන්නත්කරණය කාණ්ඩ 3ක් යටතේ සලකනවා. පළවෙනි එක දැනට වෙන රෝග තියෙන දරුවෝ. දෙවෙනි එක අවුරුදු 16 සිට 19 වයස් කාණ්ඩයේ දරුවෝ. අන්තිම එක අවුරුදු 12 සහ 15 වයස් කාණ්ඩය. මේ කණ්ඩායම් 3න් යම් රෝග තියෙන අයට පළමුව එන්නත් ලබාදීලා පසුව අනෙක් අයට ඒ පිළිවෙලට. මේ වනවිට ෆයිසර් එන්නත් වෙන් කරලා තියෙනවා කියලා තමයි ජනාධිපති කාර්යසාධක බළකායෙන් වාර්තා වුණේ.”

ඔබේ අදහස