කෑගල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාසලක ක්‍රීඩා ගුරුවරයෙක් කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පවසයි.
වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, දින ගණනාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට අදාළ ගුරුවරයා ජීවිතක්ෂයට පත්වු බවය.
එමෙන්ම මේ වන විට රඹුක්කන ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු ද කොරෝනා ආසාදිතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පැවසීය.