ක්‍රිකට් ලෝක කුසලානයට තරඟ කරන කණ්ඩායම් සංඛ්‍යාව වැඩි කෙරේ

2024 වසරේ සිට 2031 වසර දක්වා  වන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක කුසලාන තරගාවලි කාලසටහන සැලකිය යුතු වෙනස්කම් රැසක් සමගින් එළිදක්වා ඇත.
ඒ අනුව 2027 සහ 2031 වර්ෂවල පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලි සදහා ක්‍රීඩා කරන කණ්ඩායම්  සංඛ්‍යාව 14 ක් දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

සෑම වසර දෙකකට වරක් පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන තරගවලියක් සහ අයි සී සී ශූරයන්ගේ කුසලාන පන්දුවාර පනහේ තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි සදහා කණ්ඩායම් 20 ක් සහභාගි කරවා ගැනීමට ඊයේ රැස්වූ අන්තරජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

ශූරයන්ගේ කුසලාන තරගාවලි සදහා සහභාගි කරවා ගැනීමට අපේක්ෂිත කණ්ඩායම් ගණන 08 ක්.

මේ අතර ලෝක ටෙස්ට් ශූරතාවලියේ ආකෘතිය ඉදිරියට ගෙන යාමටද තීරණය කර ඇති අතර සෑම වසර දෙකකට වරක් අවසන් තරගයක් පැවැත්වීමටත් සැලසුම් කර තිබේ.

ඒ අනුව පළමු වරට ලෝක ටෙස්ට් ශූරතාවලියක අවසන් තරගය ලබන 18 වනදා සිට 22 වනදා දක්වා නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත අතර ඉන්දියාව සහ නවසීලන්තය එහිදී තරග වැදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *