කළුතරදී රුසියානු කාන්තාවකට ලිංගික අතවර කළ අයෙක් අත්අඩංගුවට.

කළුතර – වස්කඩුව ප්‍රදේශයේදී රුසියානු ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ 28 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

36 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවගේ පැමිණිල්ලකට අනුව කළුතර උතුර පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිල්ලට අනුව සැකකරු මහ වස්කඩුව මුහුදු තීරයේ ශාරීරික ව්‍යායාම සඳහා යමින් සිටියදී මෙම කාන්තාව අපයෝජනය කර ඇත.

සැකකරු වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *