කශේරුකාව ආශ්‍රිත රෝගී තත්ත්වයකට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිට මිය ගිය කාන්තාවට කොවිඩ් බව තහවුරු වේ

කශේරුකාව ආශ්‍රිත රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි නිට්ටඹුව උදම්මිට පදිංචි 49 හැවිරිදි කාන්තාවක් පසුගිය 27 වනදා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ඇයගේ දේහය ඥාතීන් වෙත ලබාදෙමින් රෝහල් බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ ඇයට වෛරසය ආසාදනය වී නොමැති බැවින් සාමාන්‍ය පරිදි අවමංගල කටයුතු කිරීමට ඉඩ ලබාදෙන බවය.

ඥාතීන් එම දේහය මල්ශාලාව වෙත රැගෙන ගොස් යළි නිවසට රැගෙන ඒමට සූදානම් වූ අවස්ථාවේ රෝහලෙන් දැනුම් දී ඇත්තේ එම කාන්තාව කොවිඩ් ආසාදිතයෙකු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *