Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

’’කතානායක ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා’’ – ලක්ෂ්මන් කිරිඇල්ල

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබෙන අවස්ථාවක ව්‍යවස්ථාපිත කරුණක් සඳහා අත්සන් කිරීමේ බලයක් කතානායකවරයාට නොමැති වුවත් කතානායකවරයා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අත්සන් කළේ පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබියදී බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවැසීය.

ඔන්ලයින් පනතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් කර ඇත්තේ  රටේ  ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවත්  මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව වාර අවසාන කරන අවස්ථාවක පාර්ලිමේන්තුවට යම් කාරණයක් ගෙනැවිත් එය අසම්පුර්ණ වී තිබෙනවානම් එය සම්පුර්ණ කිරීමේ හැකියාව ඇත්තේ නැවත පාර්ලිමේන්තුව රැස්වූ පසුව බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ  විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කීවේය.

ඔබේ අදහස