කටාර් සිටි ලාංකිකයන් 268 දෙනෙක් මෙරටට

කොරෝනා වසංගතය පැතිරයාමත් සමග කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

එම පිරිස දෝහා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 218 දරන විශේෂ ගුවන් යානයෙන් අද අලුයම 5.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන්තොටුපල ආරංචිමාර්ග සදහන් කරයි.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණිමෙන් අනතුරුව මෙම පිරිස රැගෙන ආ බඩුබාහිරාදිය ද සමග විශබීජහරණයට ලක් කිරීමට කටයුතු කර ඇති අතර, පසුව යුධ හමුදා විශේෂ බස් රථ මගින් නීරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සිදු කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *