පැපුවා නිව්ගිනියාව කිව්වාම අපි හැමෝටම මතක් වෙන දෙයක් තමයි ඕස්ට්‍රේලියාවට හොර පාරෙන් යන අය පිටුවහල් කරන, එසේත් නැත්නම් හරවා යැවෙන දූපතක් බව. ඉතින් මේ පැපුවා නිව්ගිනියාව කියන්නේ මොන වගේ රටක්ද කියලා හොයලා බලමු.
පැපුවා නිව්ගිනියාව පිහිටා තිබෙන්නේ ඕස්ට්‍රේලියාවට උඩින්. එම දූපතේ භාගයක තරම් ප්‍රමාණයක් ඉන්දුනීසියාවට අයත් වෙනවා. ඉතුරු කොටස තමයි පැපුවා නිවිගිනියාව කියලා හදුන්වන්නේ. මෙම දූපත ඕස්ට්‍රේලියාවට බොහෝම ආසන්නයේ පිහිටා තිබුණත් දියුණුව අතින්නම් බොහොම පසුපසින් තිබෙන්නේ. මේ රටේ ඉතිහාසය ගැන කියනවා නම් 1526-27 වකවානුවේදී මේ රටට ආපු පෘතුගීසි ගවේෂකයෙක් වන ජෝර්ජ් ද මෙනෙසෙස් ඇතුළු පිරිස මෙම දිවයින “ilhas dos Papuas” කියන නම යෙදුවා. පසුව 1545 ස්පාඤ්ඤ ජාතික ඉගෝ ඔර්ටාස් ඩි රීටෙස් ගේ පැමිණීමත් සමග මෙය ‘Nova Guinea’ ලෙස නම් වුණා. පසුකාලීනව පැපුවා නිව්ගිනියාව ලෙසට භාවිතා වුණා. මේ පැපුවා කියන මහා දූපතේ කොටසක් ඉන්දුනීසියාවටත් තවත් කොටසක් ඕස්ට්‍රේලියාවටත් 1960 දී බෙදා වෙන් කළා. ඉන් පසු 1973 දි ඕස්ට්‍රේලියාවට වෙන්කළ කොටස ඕස්ට්‍රේලියාවෙන් නිදහස් කළ පසු ස්වාධීන රටක් බවට පත්වුණා. පැපුවා නිව්ගිනියාවේ විශාලත්වය වර්ග කිලෝමීටර් 462,000කට ආසන්නයි. ඒ කියන්නේ ලංකාව වගේ හත්ගුණයක් පමණ විශාලයි. නමුත් පැපුවා නිව්ගිනියාවේ ජනගහණය ලංකාව සාපේක්ෂව අඩු ප්‍රමාණයක්. මිලියන 8ක පමණ ජනගහණයක් තමයි මෙහි වාසය කරන්නේ. භාවිතා වන මුදල් වර්ගය “කිනා” යි.
ගෝත්‍රික කණ්ඩායම් විශාල වශයෙන් ජීවත් වෙන මෙම දිවයිනේ භාෂාවන් පමණක් 800 කට ආසන්නව භාවිතා වෙනවා. ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන භාෂාව වූවත් ස්වදේශික භාෂා රැසක් මෙහි වැසියන් භාවිතා කරනවා. ක්‍රිස්තියානි ආගම වගේම විවිධාකාර ආගම් අදහන විශාල ගෝත්‍රික පිරිසක්ද ඒ අතර වෙනවා.
මේ රටේ ප්‍රධානතම මාධ්‍ය වන්නේ ගුවන් විදුලියයි. අන්තර්ජාල පහසුකම්ද ඇත්තේ නගරබද පෙදෙස්වලට පමණි. සමස්ත ජනගහණයෙන් 9%ක ප්‍රමාණයක් තමයි ජංගම දුරකතන භාවිතා කරන්නේ. පැපුවා නිව්ගිනියාවේ ප්රවාහණය දියුණු කිරීමට බාධාවක් ලෙසට එම දිවයින මධ්‍යයේ පිහිටි කදුකරය විශාල වශයෙන් බලපා තිබෙනවා. ස්වභාවික සම්පත් අතින් අනූන දිවයිනක් ලෙසට මෙය සැලකෙනවා. ඒ වගේම ප්‍රභල ගෑස් නිධි පිහිටා තිබෙනවා. ලෝකයේ ගෑස් අවශ්‍යතාවයෙන් 3%ක් මේ දිවයිනෙන් ලැබෙනවා. නමුත් සැගවී තිබෙන මෙම ගෑස් සම්පත් වලින් උපරිම පල නෙලාගැනීමට අවශ්‍ය තාක්ෂණය ඔවුන්ට නොමැති වීම දැඩි ලෙස බලපා තිබෙනවා.
ගෝත්‍රිකයින් ලෙස ජීවත් වන මොවුන් අතර නිතර නිතර එකිනෙකා අතර ගැටුම් ඇතිකරගන්නවා. ඒ ගැටුම් දුරදිග ගිහින් ඝාතනයන්ද සිද්ධ වෙන අවස්ථා බොහෝ දුරට වාර්තා වෙනවා. පසුගිය වසරේ ගෝත්‍රිකයින් අතර ඇතිවූ ගැටුමකින් ගැබිණි කාන්තාවන් දෙදෙනෙකු ඔවුන්ගේ නූපන් දරුවන් ඇතුළුව 24 දෙනෙක් පමණ මියගිය බවට වාර්තා වුණා.
බාහිර සමාජය පිළිඹද හා ඔවුන් සිටිනා පරිසරයෙන් එහා ලෝකයක් ගැන දැනීමක් ඔවුන්ට ඇත්තේම නැති තරම්. කෙසේ වෙතත් ඔවුන්ගේ මෙම ගෝත්‍රික සම්ප්‍රදායන් රටට විදේශ විනිමයක් ගෙන ඒමට හේතු වී තිබෙනවා.
ඉතින් මේ තමයි ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන අයව හරවා යවා ගාල් කරලා තබනවයි කියන පැපුවා නිවුගිනියාවේ කතාව. ඕස්ට්‍රේලියාවට හොර පාරෙන් යන්න ගිහින් ගෝත්‍රිකයින් සිටින රටක ඔවුන් සමග කුලල් කාගෙන සිටිනවාට වඩා ලංකාව මොනතරම් හොදයිද කියලා දැන් ඔබට සිතේවි. අනික තාක්ෂණයක් ඇත්තේම නැති තරම්. කොටින්ම කිව්වොත් නිවාඩුපාඩුවක පැපුවා නිව්ගිනියාවේ අගනුවර වූ Port Moresby වල Google Street View බලන්න. අපේ රටේ හැම අස්සක් මුල්ලක්ම වගේ ආවරණය කරලා තියෙන් ඒ පහසුකමවත් ඔවුන්ගේ අගනුවරට නැහැ. ඒ අතින් බැලුවම මොන මොන අඩුපාඩු අසීරුතා තිබ්බත් මහාමාර්ග සන්නිවේදන හා අනෙකුත් පහසුකම් අතින් ලංකාව සෑහෙන ඉදිරියෙන් ඉන්න බව තමයි ඔබ තේරුම් ගන්න ඕනි.