එක්ස්ප්‍රස් පර්ල් ඉවත්කරන දිනය කුමක්ද?

ගිනි ගැනීමට ලක්වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අදාළ ස්ථානයෙන් ඉවත් කරගැනීමට එහි තවදුරටත් ඉන්ධන පවතින්නේද යන්න පිළිබඳව තහවුරු කර ගත යුතු බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එම අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ ඉන්ධන ඇත්නම් ඒවා වෙනත් ටැංකිවලට ඉවත් කරගැනීමට පියවර ගත යුතු බවට නෞකාවේ ඉවත් කරගැනීමේ කටයුතු සිදුකරන සමාගමට දැනුම් දෙන බවය.

“මෙම නෞකාව ඉවත් කරගැනීම කටයුත්ත සඳහා නෞකාවේ හිමිකාර සමාගම විසින් මේ වන විට අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවා තිබෙනවා. එම ටෙන්ඩර් අයදුම්කිරීමේ කාලය මේ මස 21 වනදා වන විට අවසන් වෙනවා. ඒ සමගම නෞකාවේ දැනට භාරකාර සමාගම ලෙස කටයුතු කරන සමාගම විසින් බොහෝදුරට මුහුදු පත්ල යට සමීක්ෂණය සිදුකරලා හමාරයි. ඔවුන් එයින් බලාපොරොත්තු වෙන්නේ මුහුදු පත්ලේ විසිවී ඇති බහාලුම් කොයිතරම් ප්‍රමාණයකට අපද්‍රව්‍ය ලෙස රැඳී තිබෙනවාද කියන එක දැන ගැනීම සඳහා, ඒ සමගම නෞකාව ඉවත් කරගැනීමේ කටයුතු සඳහා තෝරාගත් සමාගම බොහෝදුරට ඔක්තෝම්බර් නැතහොත් නොවැම්බර් මාසයේ මුල වන විට මේ නැව ඉවත් කරගැනීමේ කටයුතු ආරම්භකරයි කියන එක අපි බලාපොරොත්තු වෙන්නේ. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *