පසුගියදා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදි සම්මත වූ යෝජනාවන් නිසි ලෙස ක‍්‍රියාවට නැංවීමට මෙරට රජය කටයුතු නොකළහොත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ජිනීවා යෝජනාවන් ක්රියාවට නැංවීමට රජය බැදී නොමැති බවට ඇතැම් අමාත්‍යවරුන් ප්‍රකාශ කළත් එම යෝජනා අනිවාර්යෙන්ම ක්‍රියාවට නැංවිය යුතු බවයි. සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඔහු වැඩිදුරටත් පෙන්වා පෙන්වා දෙන්නේ පැවිති එක් එක් රජයන් ජිනීවා යෝජනාවන් ක්රියාවට නැංවීමට කටයුතු නොකළ හෙයින්, ශ‍්‍රී ලංකාවේ තත්ත්වය නරක අතට හැරී ඇති බවත්, එවැනි පසුබිමක යටතේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් මේ රටට පැමිණීමේ හැකියාවක් ඇති බවයි.