එක්සත් ජනපද-ශ්‍රී ලංකා සාකච්ඡාවලදී සමුද්‍රීය සහයෝගීතාව ප්‍රධාන තැනක් ගනී

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැසිෆික් නාවික බලඇණියේ ආඥාපති අද්මිරාල් ස්ටීවන් ටී. කොහ්ලර් මහතා ඊයේ (පෙබරවාරි 19) ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත (විශ්‍රාමික) හමුවිය.

මෙම සුහද සාකච්ඡාවේදී, නැගී එන සමුද්‍රීය අභියෝගවලට මුහුණ දීම සඳහා සමීප සහයෝගීතාවක අවශ්‍යතාවය දෙපාර්ශ්වය විසින්ම පිළිගෙන ඇති අතර, ඉන්දියන් සාගර කලාපයේ විකාශනය වන ආරක්ෂක භූ දර්ශනය කෙරෙහි අවධානය යොමු කරන ලදී. දෙපාර්ශ්වයම සමුද්‍රීය වසම් දැනුවත් කිරීමේ ඒකාබද්ධ ප්‍රයත්නයන් වැඩි දියුණු කිරීම, තොරතුරු හුවමාරු කර ගැනීම වැඩිදියුණු කිරීම සහ ස්වාභාවික විපත් සහ මානුෂීය හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම අවධාරණය කළහ.

නීතිවිරෝධී ජාවාරම් සහ අනෙකුත් සාම්ප්‍රදායික නොවන ආරක්ෂක ගැටළු ඇතුළුව ජාත්‍යන්තර තර්ජනවලට එරෙහිව කටයුතු කිරීමේදී එක්සත් ජනපද නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බව යලි තහවුරු කළහ. පුහුණු හුවමාරු කිරීම් සහ ඒකාබද්ධ ක්‍රියාකාරකම් හරහා එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර සම්බන්ධය ද දෙපාර්ශ්වයම සමාලෝචනය කළහ.

ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීන ආධාර සහ නොමසුරුව පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා එක්සත් ජනපද රජය වෙත සිය අවංක කෘතඥතාව පළ කළේය. TH-57 Sea Ranger 10 හෙලිකොප්ටර්, B-type Reliance Class අඩි 210 කටර් සහ Ditwah සුළි කුණාටුව අතරතුර මානුෂීය ආධාර සැපයීම ඔහු විශේෂයෙන් පිළිගත්තේය. එපමනක් නොව, විවිධ ආපදා සහන සහ මානුෂීය ආධාර වැඩසටහන් හරහා ශ්‍රී ලංකා රජය වෙත ලබා දෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ඔහු සිය කෘතඥතාව පළ කළේය.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් හවුස් ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *