උසස් තනතුරු හතරකට උසස් නිලතල සභා අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ සභාපතිවරු දෙදෙනෙක් පත්කිරීමට පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදී ඇත.

ඒ අනුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස අරුණි රණරාජා මහත්මිගේ නම සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් ලෙස යූ.ජී. රංජිත් ආරියරත්න මහතාගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.

එමෙන්ම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ලෙස ඒ.පී.එල්. ප්‍රනාන්දු සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ලෙස ජේ.එම්.එස්.එන්. ජයසිංහ යන මහත්වරුන්ගේ නම් ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් උසස් නිලතල පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *