කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,232 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,660කි.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 369,343ක් දක්වා ඉහළගොස් තිබේ.
එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතව සිටි 2,188ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 316,528ක් විය.
සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,604කි.