පසුගිය සති කිහිපයට සාපේක්ෂව දෛනික කොරෝනා ආසාදිතයින් ගේ වාර්තා විම සැලකිය යුතු මට්ටමේ අඩුවක් දක්නට ලැබෙන අතර ඊයේ (18) දිනයේදී මෙරටින් වාර්තා වූ ආසාදිතයින් ගණන 514 කි. ඉකුත් සති කිහපය පුරාවටම මෙරට දෛනික කොවිඩ් ආසාධිතයින් ගණන 700 සීමාව ඉක්මවා ගියේය.
ඊයේ දිනයේදී වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 105 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 28 දෙනෙකු හෝමාගම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවටයි එම මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.
මේ අතර කොවිඩ් ආසාදිත මරණ 8ක් ඊයේ (18) මෙරටින් හඳුනාගැනීමත් සමගම මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. එසේ මියගිය අය අතර 20 හැවිරිදි තරුණියක්ද වන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතව මියගිය අයගේ වාර්තාව පහතින් දැක්වේ.