කොවිඩ් -19 ආසාදිතයින් 2,361 දෙනෙකු ඊයේ දිනයේ මෙරටින් හඳුනාගෙන තිබේ.
ඊයේ දිනයේ හඳුනාගැනුණු ආසාදිතයින්ගෙන් 2,329 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත්ය.
විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වන පුද්ගලයින් 32 දෙදෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව ගතවූ පැය 24 තුළ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 362ක් ඊයේ දිනයේ හඳුනාගෙන ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 339 දෙනෙකු හඳුනාගෙන ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වැඩි පිරිසක් වාර්තා වී තිබුණේ ගම්පහ නගර සීමාව, පල්ලේවෙල, කඩවත, මීරීගම යන ප්‍රදේශවලිනි.
කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ, කළුතර දකුණ, බණ්ඩාරගම, පානදුර දකුණ යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණි.
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් අවිස්සාවේල්ල,ගල්කිස්ස, නාරාහේන්පිට සහ කොස්ගම යන ප්‍රදේශවලින් වාර්තා විය.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 338 දෙනෙකු, රත්නපුර ආසාදිතයින් 322ක් හඳුනාගෙන තිබේ.
මහනුවර ආසාදිතයින් 194ක්, කුරුණෑගල 104ක්, නුවරඑළිය 93ක්, කෑගල්ල 87ක්, මඩකලපුව 73ක් සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් 66 දෙනෙකු ද ඊයේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 223,638 දක්වා ඉහළ ගොස් ඇත.
මේ වනවිට ආසාදිතයින් 188,547 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
තවත් ආසාදිතයින් 32,955 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ කොවිඩ් ආසාදිත මරණ 2,136ක් මේ වනවිට වාර්තා වී බවය.