සංචරණ සීමා සමයේම දෙගුණ වූ විදුලි බිල

ඇරැව්වල වෙරළුගස් හන්දිය පැලවත්ත පාර ප්‍රදේශය සති දෙකක පමණ කාලයක් හුදකලා ප්‍රදේශයක් බවට පත්කර තිබුණි.

ඒ අනුව එම ප්‍රදේශයේ ජනතාවට ඉකුත් අප්‍රේල් මස සහ මැයි මස ලැබීමට තිබූ විදුලි බිල්පත් නොලැබිණි.

මාස දෙකකට අදාළ බිල්පත් අද දිනයේ එම ප්‍රදේශවල ජනතාවට ලැබී තිබෙන අතර එහිදී සිදුව ඇති අසාධාරණය ගැන එම ජනතාව විදුලිබල මණ්ඩලයට චෝදනා කරයි.

මාස දෙකෙහිම පාවිච්චි කරන ලද විදුලි ඒකක ප්‍රමාණයන්ගේ එකතුව එකම බිල් පතකට ගණනය කර ලබාදී තිබීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ඔවුන් එලෙස චෝදනා කරයි.

එම ප්‍රදේශවල ජනතාව චෝදනා කරන්නේ තමන්ට එම බිල්පත්වල ඇති ගාස්තු ගෙවීමට හැකියාවක් නොමැති බවය.

ඒකක ගණන වැඩිවී විශාල මුදලක් එකතු වී ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

එම ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ එක් එක් බිල්පත්වල ඒ ඒ මාසයට අදාළ ඒකක ප්‍රමාණය පමණක් ගණනය කර ලබාදෙන ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *