ඉහළ පෙලේ පුද්ගලයින් රවටා මුදල් ගැරූ තරුණිය හසුවෙයි

සමාජයේ වැදගත් තනතුරු දරන පුද්ගලයින් සූක්ෂම ලෙස බිය ගන්වමින් මුදල් ගසාකන අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා විය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්, ප්‍රතිකාර සඳහා පැමිණෙන කාන්තාවන් අනවශ්‍ය ලෙස ස්පර්ශ කරන බවට ෆේස්බුක් පිටුවක සටහනක් පළවී තිබුණි.

මෙය දුටු වෛද්‍යවරයා එය ඉවත් කිරීමට සහාය දෙන්නැයි ෆේස්බුක් ඔස්සේ හිතවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබූ අතර එහිදී රූමත් කාන්තාවක් ද එය ඉවත් කිරීමට ඉදිරිපත් වී තිබුණි.

සිද්ධියට මුහුණ පෑ වෛද්‍යවරයා,

“මම ඒ පුද්ගලයාට කිව්වා මේක වහාම ෆේස්බුක් එකෙන් ඉවත්කරන්න කියලා. මට උදව් කරන්න ආ පුද්ගලයාට.  මොකද මම දන්නවා එයාගේ තිබුණු සම්බන්ධකම්. එයා කිව්වා වගේම පැය භාගයක් පැයක් යද්දි ඒක ඉවත් කළා.”  

එම සටහන ෆේස්බුක් වෙතින් ඉවත් කිරීම සඳහා අදාළ කාන්තාව වෛද්‍යවරයාගෙන් මුදල් ද ඉල්ලා තිබුණි.

සිද්ධියට මුහුණ පෑ වෛද්‍යවරයා,

“රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් මට දෙන්න සිදුවුණා. කොටස් වශයෙන්.”

නමුත් එම සිද්ධියෙන් මාස 3කට පමණ පසු වෙනත් ෆේස්බුක් පිටුවක් හරහා නැවතත් වෛද්‍යවරයාට අපහාස වන ආකාරයේ සටහනක් සංසරණයවී තිබේ.

ඒ අනුව පෙර අවස්ථාවේ තමාට උපකාර කළ කාන්තාව සම්බන්ධයෙන් වෛද්‍යවරයාට සැක මතුවී තිබුණි.

පසුව වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැමිණිලි කර ඇත.

වෛද්‍යවරයාට උපකාර කළ කාන්තාව සමාජයේ පෙනී සිට තිබුණේ බොහෝ ප්‍රභූ සබඳතා ඇති අයෙකු ලෙසටය.

ඇයගේ සැමියා ජනාධිපති මාධ්‍ය අංශයේ ඉහළ තනතුරක් දරන අයෙකු බවට හඳුන්වාදෙන හඩපටයක්ද ඇය විසින් පෙන්වා තිබුණි.

එමෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකවරියක් ලෙසට දැක්වෙන රාජකාරී හැඳුනුම්පතක් ද ඇය සකසා ගෙන තිබුණි.

නමුත්, එය ව්‍යාජ එකක් බව  තහවුරු කරගත්තේ ඇයගෙන්මය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *