ඉන්ධන මිළ ඉහළ දැමීම සම්බන්ධයෙන් සජිත් ආණ්ඩුවට චෝදනා කරයි

ආණ්ඩුව ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම අමානුෂික ක්‍රියාවලියක් බව විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ ව්‍යසනයක් සහිත මොහොතක තෙල් මිල ඉහළ දැමීම ජනතාව තවදුරටත් අසරණ කිරීමක් බවය.

තෙල් මිල ඉහළ දැමීමත් සමඟ මුළු රටම ව්‍යාකූල තත්ත්වයකට පත්වන බවත් ඒ හේතුවෙන් නුදුරේ දීම පොදු ප්‍රවාහන කටයුතු හා බේකරි නිෂ්පාදන මෙන්ම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් ඉහළ යනු ඇතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *