ඉන්ධන බෙදාහැරීමට බාධා පමුණුවමින් තෙල් සේවකයන් වර්ජනයක…

ඛණිජ තෙල් වෘත්තීය සමිති විසින් අද දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර ඇත.

ඒ අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමිනි.

මෙම විරෝධතාව හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධා මතු වෙනු ඇතැයි ඛණිජතෙල් වෘත්තිය සමිති ඒකාබද්ධ සංගමය සඳහන් කරයි.

මේ අතර විදුලි බල හා බල ශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසන්නේ අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි අනුව ඉන්ධන බෙදාහැරීම හෝ බලශක්ති ක්ෂේත්‍රයේ කටයුතුවලට බාධා එල්ල කරන සේවකයන්ට එරෙහිව නීතිමය කටයතු සිදු කරන බවයි.

ඛණිජ තෙල් සංස්ථාව ඇතුළු බලශක්ති ක්ෂේත්‍රය අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් නිවේදනයක් මඟින් නීතිගත කර ඇති බවත් ඔහු කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *