බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි සංචාරයක නිරත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දෙරට අතර පැවැති තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු අතර ඉතිරි තරග දෙකම ඩක්වත් හා ලුවිස් න්‍යාය අනුව ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
දෙවැනි තරගය ඩක්වත් හා ලුවිස් න්‍යාය අනුව ලකුණු 59කින් ද අවසන් එක්දින තරගය කඩුලු 6කින් ද ජය ගැනීමට ඉන්දියාව සමත් විය. අවසන් එක්දින තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය ද ඉන්දීය නායක විරාත් කෝලිට හිමිවූ අතර අවසන් තරගයේදී පන්දු 99ක් තුළ ඔහු නොදැවී ලබාගත් ලකුණු 114 හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය හිමිවිය.
දෙරට අතර පැවැති 20-20 තරගාවලියද 3-0ක් ලෙස ජයගැනීමට සමත් වූයේ ඉන්දීය කණ්ඩායමයි.
(Image – cricinfo)