LK reports news sinhala

ආක්ටික් වායුගෝලයත් විසවෙයි

ආක්ටික් කලාපයට පතිතවන හිම කැටි තුළ ප්ලාස්ටික් අංශු අඩංගු බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

ජර්මානු හා ස්විට්සර්ලන්ත විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මෙම අධ්‍යයනය සිදු කර ඇති අතර අධ්‍යයන වාර්තාවන්හි සඳහන් වන්නේ ආක්ටික් කලාපයට පතිතවන හිම ලීටරයක ප්ලාස්ටික් අංශු 10,000 ක් පමණ අඩංගු වන බවයි. ප්ලාස්ටික් අංශු වලට අමතරව සියුම් රබර් අංශු, තීන්ත වැනි දෑ ද, වාර්නිෂ් වැනි කෘතිම තන්තුමය කොටස් ද අඩංගු බව මෙම අධ්‍යයනයෙන් හෙළිවී ඇතැයි සඳහන්.

ආක්ටික් කලාපය මෙතෙක් දූෂිත නොවූ පරිසරයක් ලෙස සැලකුණද මෙම නව අධ්‍යයනයත් සමග එය එසේ නොවන බව තහවුරු වී ඇත. ආක්ටික් කලාපයේ වැසියන් ද අඝ්‍රාණය කරන්නේ දූෂිත වායූන් බව මෙමගින් තහවුරු වන බව අධ්‍යයනයට එක්වූ විද්‍යාඥයින් පැවසයි.

මෙවැනි විස වායූන්‍ ආඝ්‍රාණය කරන මිනිසුන් වෙසෙන ලෝකය තිබෙන්නේ දැඩි අවදානම් තත්ත්වයකදැයි එමගින් සිහිපත් කෙරෙන බව ද ඔවුහු පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *