ඉන්දියාවේ සිට 230 දෙනෙක් ලංකාවට පැමිණේ

ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද (22) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මෙම ගුවන් යානයෙන් පැමිණි පිරිස අතර මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් මෙන්ම, කොළඹ වරාය තුළ නැංගුරම් ලා ඇති විදේශීය නැව්වල සේවය කිරීමට පැමිණෙන ඉන්දීය ජාතික නාවිකයන් පිරිසක් ද සිටින බවයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේ.

මෙම යානය ඉන්දීය ගුවන් සේවයට අයත් (AI- 281) වන අතර නවදිල්ලි නුවර සිට අද දින උදෑසන 6.28 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. මෙසේ පැමිණි පිරිස 230ක් වන අතර මෙම යානයේ සිටි සියළුම මගීන් කටුනායක ගුවන් තොටුපළේ දී PCR පරීක්ෂණ සදහා යොමු කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *