මෙතෙක් පක්ෂයෙන් ඈත් වී සිටි ජනතා නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් නව නිලධාරී මණ්ඩලය පත් වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය සමඟ යළිත් ඒකරාශී වෙමින් සිටින බව එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසා සිටියි.
ඒ මහතා පවසා සිටින්නේ රත්නපුර දිස්ත්රික්කයේ පළාත් පාලන මන්ත්රීවරුන් 13 දෙනක් හා ගම්පහ දිස්ත්රික්කයේ පළාත් පාලන නියෝජිතයන් දස දෙනෙකු ඇතුළුව තවත් පළාත් පාලන මන්ත්රීවරුන් විශාල පිරිසක් ඉදිරි දින කිහිපය තුළ පක්ෂයේ ඉදිරි වැඩ පිළිවෙළ සමග එක් වීමට නියමිත බවයි. එමෙන්ම ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නියෝජිත ආනන්ද පාලිත මහතා ඇතුළු වෘත්තිය සමිති නියෝජිතයන් පිරිසක්ද සිය පක්ෂය සමග යළි එක් වූ බව පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.