ඇසළ පෙරහැර සාර්ථකව අවසන් කරමින් අපහාස උපහාසවලට පිළිතුරු

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සහ අනෙකුත් සංස්කෘතික පෙරහැර මංගල්‍යයන්වල දී නොයෙක් සංවිධාන විරෝධතා මතුකරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

දියවඩන නිලමේ ප්‍රමුඛ බස්නායක නිලමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයට ගොස් පෙරහැර සාර්ථකව සිදුවූ බවට වූ සංදේශය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමෙන් අනතුරව ඔහු මේ බව පැවසීය.

“තම පෞද්ගලික අභිමතාර්ථ සාධනය කරගැනීමට ප්‍රයත්න දරන්නන් විසින් උත්තම ශ්‍රී දළදා වහන්සේට හා ශ්‍රී දළදා මාළිගාවටත් උභය මහා විහාරයටත් ඉතා ද්වේශ සහගත අයුරින් සමාජ මාධ්‍යයන් ඔස්සේ හා වෙනත් විවිධ ආකාරයෙන් වරින් වර එල්ල කරනු ලබන ඊර්ෂ්‍යා සහගත නින්දා අපවාද අපමණය. ලෝකයේ විවිධ සත්ත්ව හිංසා හමුවේ නිහඬතාවය රකින රාජ්‍ය නොවන සංවිධාන පෙරහැරට විරෝධය පළ කරන බව රටම දන්නා කරුණකි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *