ඇමරිකාවෙත් මරණ දඬුවම

වසර 16කට පසු ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම ආණ්ඩුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

ඝාතකයන් පස් දෙනකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා දින නියම කර ඇති බවත් ඇමෙරිකා එක්සත් ජනපද නීතිපති බිල් බාර් නිවේදනය කර ඇත. දරුණු අපරාධකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නැයි අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කර ඇති ඉල්ලීම සලකා මෙම තීන්දුවට පැමිණි බව නීතිපති බිල් බාර් සඳහන් කරයි.

2018 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය අපරාධකරුවන් 25 දෙනකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කෙරුණු අතර ඒ සියල්ල ක්‍රියාත්මක වූයේ ප්‍රාන්ත ආණ්ඩු හා ඒවායේ අධිකරණවල තීන්දුවලට අනුවය.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම, භාවිත කරන ඖෂධ යනාදිය සම්බන්ධයෙන් පසුගිය සමයේදී ඇමෙරිකාව තුළ විවාදයක් ද හට ගත් බවට වාර්තා විය.

(ඒ.එෆ්.පී පුවත් සේවය ඇසුරිනි / Image – Groundviews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *