ෂාෆිටත් ඇප

මව්වරුන් වඳ භාවයට පත් කිරීම හා අයථා වත්කම් යන චෝදනා යටතේ රිමාන්ඩ් භාරයේ සිටි කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට ඇප ලබාදීමට අධිකරණය නියෝග කළේය.

අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා ඔහුට නැගී තිබුණි.
මොහොමඩ් ෂාෆි අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වූ පරික්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංක 03 අංශයට යොමු කර ඇති බව සඳහන් කළ නියෝජ්‍ය ‍සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් තහවුරු කිරීමට කරුණු නොමැති බවයි.
විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා කියා සිටියේ ඔහු සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී එය තනිව සිදුනොකළ බවත්, ඒ හේතුවෙන් ඔහු පමණක් සිරගත කර සිටීම අසාධාරණයක් බවයි.

රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ 25 ක ශරීර ඇප 4ක් මත ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය. පැමිණිල්ල පාර්ශ්වයෙන් බොහෝ පිරිසක් කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා රජයේ සියලු පාර්ශ්ව එක්ව පක්ෂග්‍රාහී ලෙස කටයුතු කළ බවයි. නඩු විභාගය ඉදිරියටත් පවත්වනු ඇත.

(උපුටා ගැනීම – gossiplankanews.com)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *