ඡන්ද ක්‍රමය සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා අලුතින් පත්කර තිබේ.
ඒ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීතිරීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් ලෙසය.
අධ්‍යාපන අමාත්‍ය, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා එහි සභාපතිත්වය දරයි.
මේ බව කථානායකවරයා ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර ඒ අනුව එහි සාමාජිකයන් සංඛ්‍යාව 17ක් බවට පත් වෙයි.
නිමල් සිරිපාල ද සිල්වා, ජී. එල්. පීරිස්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්දා, විමල් වීරවංශ, එම්. යූ. එම්. අලි සබ්රි යන අමාත්‍යවරු ද ජීවන් තොන්ඩමන්, අනුර දිසානායක, කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්. ඒ. සුමන්තිරන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මන්ත්‍රීවරු ද මෙම විශේෂ කාරක සභාව නියෝජනය කරනු ඇත.