ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්ගෙන් ඊයේ දිනය තුළ දිස්ත්‍රික්ක 5කින් 200 ඉක්මවූ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 97 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමග ඊයේ දිනයේ දී මෙරටින් හඳුනාගැණුනු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,987කි.

ඒ අනුව කොළඹ, කළුතර, කුරුණෑගල, ගාල්ල සහ අම්පාර යන දිස්ත්‍රික්කවලින් ඊයේ දිනයේ දී 200 ඉක්මු ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඉන් කළුතර දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් ගණන 468ක් දක්වා ඉහළගොස් තිබුණි.

කොළඹින් 310ක්, කුරුණෑගලින් 201ක්, ගාල්ලෙන් 209ක්, අම්පාරෙන් 221ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

මහනුවර 118ක්, මොනරාගල 140ක්, රත්නපුර 175ක් වශයෙන් ද ආසාදිතයින් වාර්තා වී ඇත.

කෙසේවෙතත් පසුගිය සති කිහිපය තුළම දෛනික ආසාදිතයින් සියය ඉක්මවා වාර්තා වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 35ක් පමණක්වීම විශේෂත්වයකි.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 342,079 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රතිකාර සහ නිරෝධායන කාලසීමාව අවසන් කළ සංඛ්‍යාව 300,406කි.

ඒ අනුව තවදුරටත් පුද්ගලයින් 36,209 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.

මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,464කි.

ගෙවුණු පැය 24 තුළ PCR පරීක්ෂණ 16,902 ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 6,540 ක් සිදුකර තිබේ.

ඊයේ දිනය තුළ මෙරට පුද්ගලයින් 360,693 දෙනෙකුට කොවිඩ් එන්නත් ලබා දී තිබේ.

ඊයේ දිනයේ දී කොවිෂීල්ඩ් සහ සයිනොෆාම් එන්නත්වල පළමු හා දෙවන මාත්‍රාවත් ෆයිසර් එන්නතේ පළමු හා දෙවන මාත්‍රාවත්, මොර්ඩනා එන්නතේ පළමු මාත්‍රාවත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 39,361 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව 241 දෙනෙකුට ලබා දී ඇත.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 81,000කට සහ දෙවන මාත්‍රාව 228,790 දෙනෙකුට ලබාදී ඇත.

ෆයිසර් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රා පුද්ගලයින් 8,410 දෙනෙකුට සහ මොර්ඩනා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 2,885 දෙනෙකුට ලබා දී ඇති බව සඳහන්ය.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 1 කෝටි 15 ලක්ෂ 34,750කි.

මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව ද ලක්ෂ 37 ඉක්මවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *