LK reports news sinhala

ආරම්භක පිතිකරුවෝ ශ්‍රී ලංකා බලාපොරොත්තු දල්වති

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සදහා ලකුණු 268ක් හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනට තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 133ක් ලබා ප්‍රබල ස්ථානයක පසුවෙයි.

දග පන්දු යවන්නන්ට හිතකර ගාලු තණතිල්ලේ අවසන් ඉනිමේ පන්දුවට පහරදීමට අපහසු බව බොහෝ දෙනාගේ මතය විය. නමුත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 71ක්  හා ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 57ක්සා ලබා සාර්ථක ආරම්භයක් ලබා දුන්හ.

ඊයේ දිනය නිමාවන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 195ක් ලබා සිටි අතර අද දිවා ආහාරයෙන් පසු නවසීලන්ත කණ්ඩායමේ සියලු දෙනා දැවී ගියේ ලකුණු 285කටය. විශිෂ්ට පිතිහරඹයක නිරත වූ බී.ජේ.වැට්ලින් එහිදී ලකුණු 77ක් ලබා ගත් අතර ශ්‍රි ලංකා පන්දු යවන්නන් අතරින් ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 4ක් හා ධනංජය ද සිල්වා කඩුලු 3ක් ලබා ගැනීමට සමත් වූහ.

හෙට තරගයේ අවසන් දිනයයි.

(Image – cricinfo)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *