LK reports news sinhala

ගෝඨාභයට උපන් ගමින් උණුසුම් පිළිගැනීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17) සිය උපන් ගම් ප්‍රදේශය වන මැදමුලන ඇතුළු දකුණේ පෙදෙස් කිහිපයක සංචාරය කළේය.

ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමත් සමග ආරම්භ කළ විජයග‍්‍රහණයේ චාරිකාව කැලණිය, අනුරාධපුර, මහනුවර, තිස්සමහාරාමය, කතරගම ආදී ප්‍රදේශවල සිදුකළ අතර අද මාතර බෝධින් වහන්සේ අසලට පැමිණියේය. මාතර බෝධිය අසලට රැස්ව සිටි අති විශාල ජනතාවකගෙන් ගෝඨාභය මහතාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

ඵෛතිහාසික මාතර බෝධීන් වහන්සේගේ ආශිර්වාද ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පසුව ගාල්ලේ සංචාරයකට ද එක්විය. අද පෙරවරුවේ මැදමුලන සිය ගම් ප්‍රදේශයට ගිය ගෝඨාභය මහතාට ලැබුණේ ද උණුසුම් ප්‍රතිචාරයකි.

මෙම අවස්ථාවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ,  ඩලස් අලහප්පෙරුම  ,  ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මහින්ද යාපා අබේවර්ධන , පවිත්‍රා වන්නිආරච්චි , නාමල් රාජපක්ෂ, කංචන විජේසේකර, නිරෝෂන් පේ‍්‍රමරත්න යන මහත්ම මහත්මීන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින්ද එක්ව සිටියහ. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු ද එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *