ජනාධිපතිවරණයක් පැවැත්වීම නතර කර නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් මගින් උතුරු නැගෙනහිර ජනතාවට බලය ලබා දෙන ලෙස ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නැයි ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් යුරෝපා දූත කණ්‌ඩායමෙන් ඉල්ලා ඇතැයි වාර්තාවේ.
පසුගිය ජනපතිවරණයේදී උතුරේ ජනතාව සියයට 90 ක් ඡන්දය පාවිච්චි කළේ නව ව්‍යවස්‌ථාවකට බව පවසා ඇති ද්‍රවිඩ සන්ධාන නායකයා යුරෝපා සංගමය තම බලය පාවිච්චි කර ජනපතිවරණය නතර කළ යුතු බව ද සඳහන් කර තිබේ.
යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්‌ෂණ ප්‍රධානී රිකාඩෝ චෙල්ලෙරි ප්‍රමුඛ දූත පිරිස හමුවේ කරුණු දක්‌වමින් සම්බන්ධන් මේ බව ප්‍රකාශ කර ඇත.
රජය විධායක ජනපති ක්‍රමය පවා අහෝසි කර නැති බවට පැමිණිලි කර ඇති සම්බන්ධන් නව ව්‍යවස්‌ථාවක් ක්‍රියාත්මක කිරීම රජය පසෙකට දමා ඇතැයි ද පවසා ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.
(උපුටා ගැනීම – දිවයින)