ආයුධ-මත්ද්‍රව්‍ය සමඟ හමුදා සෙබළා අත්අඩංගුවට

කිසියම් පුද්ගලයකු ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන යුද හමුදා සෙබළකු ටී 56 උණ්ඩයක්, ව්‍යාජ අත්බෝම්බයක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 ක් සහ මිලිග්‍රෑම් 150 ක් අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අලිමංකඩ විලාඔඩේ යුද හමුදා කදවුරට අනුයුක්තව රාජකාරී කළ 33 හැවිරිදි හිටපු යුද හමුදා සෙබළෙකි. සැකකරු සන්තකයේ තිබී ජීව උණ්ඩවල නෝස් 3 ක්  සහ ජංගම දුරකතනයක් ද පොලිසිය බාරයට ගෙන ඇත.

අවිස්සාවේල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සංජීව මාගෙදර මහතාට ලද බුද්ධි තොරතුරක් මත අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමග ක්ෂණිකව ක්‍රියාත්මක වී කළ විමර්ශනවලින් අනතුරුව අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන  ඇත.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරුගේ නිවෙසේ තිබී ටී 56 උණ්ඩය, අයිස් මත්ද්‍රව්‍ය සහ ව්‍යාජ අත්බෝම්බය පොලිසිය සොයගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු දැනට බූස්ස අධිආරක්ෂිත බන්ධානාගරයේ රදවා සිටි මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන රමේෂ් ප්‍රියජනක නොහොත් මන්නා රමේෂ් නැමැත්තා සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *